Friday, October 15, 2010

කාලෙකට පස්සෙ ටීවී බැලුවා. ආතල් කෝටියයි.

කාලෙකට පස්සෙ ටීවී බැලුවා. ආතල් කෝටියයි.

එහෙක කියනවා අත හෝදන්නෙ නැතිව ලෙඩ වෙන සහ මැරෙන උන්ගෙ ගාණ, වෙනත් ලෙඩ වලින් මැරෙන උන් ගාණට වඩා සෑහෙන වැඩිලු. අනික් ලෙඩවලින් මැරුණ සහ ලෙඩ වුණ අය නම් මම ඕන තරම් දන්නවා. ඒත් අත හෝදන්නෙ නැතිව මැරුණ එකෙක් ජීවි‍තේට අහල නැහැ. සබන් කොම්පැණියකින් අත හෝදන හැටි කියලත් දෙනවා. උන් හිතන් ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ අප්රිකාවෙ කැලේක මැද ඉන්න ‍හුදකලා ගෝත්රිකයො සෙට් එකක් කියලද කොහෙද.

තව එහෙක කියනව හැම තත්පර 30කට පාරක්ම පාචනය නිසා කුඩා ළමයෙක් මිය යනවලු. ඒ විදියට බැලුවොත් දැන් ‍ලෝකෙ පොඩි උන් නැහැ. පොඩි උන් ඔක්කොම පාචනෙන් මැරිලා.

තවත් ඇඩ් එකක රෙදි හෝදන එක්සෙල් කුඩු චුට්ටක් දාලා මිනිත්තු‍වෙන් ඇඳුම්වල ඔක්කොම පැල්ලම් යවනවා මැජික් එකකින් වගේ. පිස්සු බම්පින් ඒ ඇඩ් එක දැක්කම. එක්සෙල් කුඩු පැකටි එකම හලල, පැයක් අතුල්ලත් ස්කූල් යුනිෆෝම් එකක තියෙන පොඩි දූවිලි පැල්ලමක්වත් යවන්න බෑ.

රූපවාහිනී, අයිටීඑන් දෙකන් ආණ්ඩුවෙ වාර්තා අහන්න ඕන නැති නිසා, ප්රයිවට් චැනල් දෙකක නිව්ස් බැලුවා.

7 ට ත්රිකෝණ ලකුණක් තියෙන චැනල් එකක ගිය නිවුස් බැලුවා. ඒකෙ නිව්ස් කියලා කියන්නේ ශ්රී ලංකන් දේශපාලන වැඩසටහනකට. ප්රසිඩන්ටිගෙ වැඩකිඩ, එස්එෆ්ගෙ නඩු, එක එක දේශපාලන ඩයල් කියපු ගොන් කතා, සජිත්ගෙ බිම් මට්ටම හා ගම් මට්ටම, රනිල්ගෙ ප්රජාතන්තරවාදෙ, 1 8, ප්රතිසංස්කරණ. ඔය ටික කියුවම නිව්ස් ඉවර වුණා. රටේ ලෝකෙ වුණු ප්රවෘත්ති කියන්න වෙලාවක් ඉතුරු වුණේ නැහැ.

ඒක නිසා රටේ ලෝකෙ සිද්ධ වුණු දේවල් බලන්න ‍‍ආයෙත් ‍මොණරෙක්ගෙ ලකුණක් තියෙන චැනල් එකක 8 ට ගිය නිවුස් බැලුවා. ඒකෙත් අර දේශපාලන වැඩසටහනම ගියා. කොණ්ඩෙ ‍ජෙල් කරපු ඇමති කෙනෙක් කියනවා `රටේ ස්වෛයිරීභාවය සුරකින්න පාන් කන එක නවත්තන්න ඕන නිසා, පාන් ගණන් ගිය එක ෂෝක්ලු. ප්රංශෙ හිටිය මාරි ඇන්ටොයිනට් කියලා රැජිනක් ගොන් කමට කියුවලු `පාන් නැත්තම් ‍කේක් කාපල්ලා` කියලා. මේ හරකත් කුඹුරක මී හරක් පස්සෙන් යන ගමන් `පාන් නැත්තම් බත් කාපන් ` කියලා අපිව ගොනාට අන්දන්න හදනවා. මුන් වැලේ වැල් නැතිව කැලේ හිටි කා‍ලේ කෑවෙ බත්ද? අදටත් මුන් පාටිවලට ගිහින් ගිලින කට්ලට්, පැටීස්, සැන්විච් හාල් පිටිවලින් හදපුවද? මුන්ගෙ ළමයි උදේට කන්නේ, ඉස්කෝලෙ ගෙනියන්නෙ රතු හාලේ බත්ද? ඕවා කතා කරන්න ගියොත් මේ සටහන වෙන පැත්තකට ගිහින් දේශපාලන සටහනක් වෙනවා. දේශපාලන සත්වයෝ දේශපාලන කමෙන්ට්ස් දාන්න ගන්නවා. ඒක නිසා ඒ පාන් කතාව මෙතනින් නවත්තනවා.
ඒ නිව්ස්වල තව තව ගො‍ඩක් ඒවා ගියා. ප්රවෘත්ති නම් ගි‍යේම නැහැ. ඒකෙ නිවුස්  හරියට ‍පොඩි ඩොකියුමෙන්ටරි ප්රෝග්රෑම්ස්වල එකතුවක් වගේ. හිරකාරයෙක් හිරේට ගිය විදිය නාට්යානුසාරයෙක් පෙන්නුවා.

ඒ නිවුස් ටීම් එක රජ වැඩකාරයො. ලංකාවෙ අද වෙච්ච ලොකුම වැරැද්දත් ‍කොහොම හරි වීඩියෝ කරල පෙන්නුවානෙ. මොකක්ද දන්නවද අද ලංකාවේ වෙච්ච දවසේ වැරුද්ද? ඒක තමයි අහිංසක කෙල්ලෙක් අම්මත් එක්ක කහ ඉරි නැති තැනින් පාර පැනපු එක.

චැනල් දෙකේම බලපු නිවුස්වල පොදු තැන් තිබුණා. පොදු සාධක එළියට ගත්තම, මැද  බින්දුව. වැඩි කළාම උත්තරේ බින්දුවයි. නිව්ස් නැහැ.

මේවා තමයි පොදු තැන් ;
1. නිවුස් කියන්නේ ලංකාවේ දේශපාලනයට.
2. නිව්ස් කියන්නේ ලංකාවේ සිද්ධ වුණු දේවල් වලට විතරයි. ලෝකෙ වෙන රටක වැදගත් කිසිම දෙයක් වෙලා නැහැ. ලංකා‍වේ ඉන්න වුන් ළිං මැඩි‍‍යො කරන්නෙ මුන් තමයි.
3. ක්රීඩා පුවත් = ක්රිකට්

ඊට පස්සෙ ටෙලි නාට්ය දෙකකුත් බැලුවා. ඒවා ගැන ලියන්න ගියොත් නම් මට පිස්සු තද වෙලා අංගොඩ ඇඩ්මිට් වෙන්න වෙනවා ෂුවර්. ඒ නිසා ටෙලි නාට්ය ගැන ලියන්න යන්නෙ නැහැ.

ආයෙත් කවදා හරි ටීවී බැලු‍වොත් අනිවාර්යයෙන් විස්තර කියන්නම්.

නිමි ෴


1 comment:

  1. අඩේ................ සිරා බං................. දැන් කාලෙ ඉතින් ටීවී එකක් බලනව කියන්නෙ ෆට්ට ආතල් එකක් ගන්න පුලුවවන් වැඩක් තමා.......... හික් හික් හික්.............

    කාලෙකට පස්සෙ ලඟදි තමා ටීවී එකක් අපේ ගෙදරට ගෙනාවේ......... අපේ ගෙදර එවුන්ටත් මොන දෙවියා මොන බැල්ම දාලද මන්දා.......... ටීවී එකනම් දාන්නෙම නැතිතරම්............... හික්xxxx

    නිකන් ඉන්න වෙලාවක් ඔන් කොර්ල බලන්න ඔනේ.......... කාලෙකින් හොඳට හිනාවුනෙත් නැ නොවැ................ හෙහ් හෙහ් හෙහ් :)

    ReplyDelete